WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මෙහෙම දෙයක් ඔවුන් සිහිනෙන්වත් නොසිතන්නට ඇති..." - පියාට බරපතලයි... මව සහ පුත්‍රයාත් රෝහලේ... මල් කැකුළක් මිලින කළ මාරක අනතුර ගැන ඇහෙන, ඇඟ කිලිපොළා යන කතාව...

2024 July 22- Page Views : 21

මැදවච්චිය දෙසට දිවෙන මහනුවර – යාපනය ඒ-09 මාර්ගයේ රඹෑව ඉතිරිගොල්ලෑව ප්‍රදේශයේදී ඉන්ධන රැගත් බවුසරයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් එකම පවුලේ සිව්දෙනෙක් අනතුරට ලක්වූණා.

ඉන්ධන බවුසරය මැදවච්චිය දෙසට ගමන් කරමින් තිබුණු අතර ත්‍රිරෝද රථය අනුරාධපුර දෙසට ගමන් කරමින් තිබීයදී මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබුණා.

තුවාල ලැබූ අනෙකුත් තිදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට අතුළත් කර ඇති අතර මියගිය දරුවාගේ පියා දැඩි සත්කාරකයේ ප්‍රතිකාර ලබන බව මැදවච්චිය පොලිසිය පවසනවා.

පසුගිය ඇසළ පොහොයදා දහවල් කාලයේදී මෙම අනතුර සිදුවූ අතර මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මැදවච්චිය පොලිස් බල ප්‍රදේශයේ යාය 05, වහමල්ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව, පියා, දියණිය සහ පුතා යන අයයි.

සංගිලිකනදරාව විදුහලේ හයවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි ලංසක්කාර ගෙදර මිහින්දි නෙතුලිකා බංඩාර දියණිය මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණා.

වයස අවුරුදු 32ක් වූ මවත්, වයස අවුරුදු හයක් වූ මලිත් නෙතුමිණ බංඩාර යන අයත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මියගිය දියණියගේ පියා වන ලංසක්කාර ගෙදර අමිත් ඉන්දික බංඩාර යුද හමුදාවේ සේවයේ නිරත අයෙකි.

ඔහුගේ උපන්දිනයද පසුගිය 20 වැනිදාට යෙදී තිබුණි. ඇසළ පොහොය නිසාත්, උපන්දිනය නිසාත් දරුවන් සහ බිරිඳ සමග අනුරාධපුර ප්‍රදේශයට ගොස් වෙහෙර විහාරස්ථාන වැඳ පුදාගෙන දරුවන්ට දන්සැල්වලින් ආහාරපාන ලබාදී ඔවුන් සමග සතුටින් කාලය ගත කිරීමත් අරමුණු කරගෙන එදින නිවසින් පිටත්ව ගොස් තිබෙනවා.