WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තනි රෝදයෙන් සෙල්ලම් දැමු 12 ක් අත්අඩංගුවට

2024 September 16- Page Views : 360

සමාජ මාධ්‍ය ජාලයේ ටික් ටොක් හරහා සම්බන්ධ වී මුදල් ඔට්ටුවට කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ යතුරුපැදි රේස් පදමින් සිටි තරුණයන් 12 ක් යතුරුපැදි 18 ක් සමග අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

වැටලීමත් සමඟ තරුණයන් හය දෙනෙකු යතුරු පැදී දමා. පලා ගිය බව පොලිසිය සඳහන් කරයි.

සවස් යාමේ සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් ත්‍රී රෝද රථ සහ යතුරුපැදි විශාල ප්‍රමාණයක් පැමිණ මාර්ගයේ ඒ මේ අත විශාල ශබ්ද නගමින් තරඟයට ධාවනය කරන බවට 119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානය හරහා සහ පිළියන්දල පොලිසිය වෙත නිරන්තරයෙන් ලද දුරකථන ඇමතුම් මත පොලිස් නිලධාරීන් දස දෙනෙකුගෙන් යුත් පිරිසක් එහි ගොස් මෙම තරුණයන් පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි