බිත්තර මිල ආයෙත් එකපාරටම වෙනස් වෙයි?
2024 November 13- Page Views : 9 බිත්තරයක මිල රුපියල් 60ත් 65ත් අතර මිලකින් ඉහළ යන ලකුණු පෙන්නුම් කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසනවා.
ඔහු පැවසුවේ හාල් මෝල් හිමියන් සුණු සහල් මිල තුන්ගුණයකින් වැඩිකිරීම නිසා කුකුළු ආහාර නිෂ්පාදනය කරගත නොහැකි මට්ටමකට පැමිණ තිබෙන බවයි.
"සත්ත්ව ආහාර නිෂ්පාදනයට අපි සියයට 20ක් හුණු සහල් භාවිත කරද්දි රයිස් පොලිස් සියයට 30ක් භාවිත කරනවා. ඒ වගේම දැන් වනවිට සහල් පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට වඩා සත්ත්ව ආහාරවලට රයිස් පොලිස් හා හුණු සහල් ඉල්ලුම වැඩිවෙමින් තියනවා. ඒ වගේම සහල් වැඩිවශයෙන් එතනෝල් නිෂ්පාදනයට මහා පරිමාණයෙන් ඉල්ලන නිසා මේ දිනවල සහල් මිල ඉස්සෙමින් යන්නේ. ඊට සමගාමීව කැඩුන සහල් නැත්තම් සුණු සහල් මිලත් තුන්ගුණයකින් පමණ ඉහළ යමින් තියනවා.
ඒ හේතුවෙන් රුපියල් 150ට අපි නිෂ්පාදනය කරගත්ත කෑම කිලෝවක් මේ වනවිට රුපියල් දෙසියයේ සීමාව ආසන්නයටම ඇවිල්ලා. බිත්තර කෝටියකට ආසන්න දෛනික නිෂ්පාදනයක් තිබුණා. සත්තු දහසක් හදන්න ගොවියෙකුට රුපියල් ලක්‍ෂ 30ක් පමණ යනවා. එහෙව් ගොවියොත් අද බිත්තර දාමින් ඉන්න සත්තුත් මසට විකුණන්න සූදානමක් තියනවා කරගන්න බැරිව. ඒ නිසා මස් කිලෝවක මිලත් පහළ වැටෙමින් යන්නේ. අද නිෂ්පාදන වියදම මේ හේතු සියල්ලම නිසා රුපියල් 38ක් පමණ වෙද්දී ගොවියා දෙන්නෙ රුපියල් 30ත් 31ත් අතර රුපියල් 7ක පමණ පාඩුවක් දරමින්. මේ හේතුවෙන් මහා පරිමාණ ගොවීන් ක්‍ෂේත්‍රයේ රැඳිලා මධ්‍ය හා කුඩා පරිමාණයේ ගොවීන් ගොවිපළවල් අත්හරී. අන්න එහෙම වුණොත් නත්තලට රුපියල් 60 සීමව ඉක්මවෙලා බිත්තර මිල යාවි."