ලක්ෂිත බෝගොල්ලාගමට විරෝධතාවක්
2025 February 07- Page Views : 37 හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාගේ පුත්‍රයා වන ලක්ෂිත බෝගොල්ලාගම මහතාට අයත් හම්බන්තොට හෝටලයේ සේවකයින් පිරිසක් විරෝධතාවක් ආරම්භ කළා.
එම සේවකයන් පිරිස සඳහන් කළේ තමන්ට ලැබිය යුතු වැටුප් සහ අමතර දීමනා ලබා දෙන ලෙස හා දේශපාලන තර්ජනය කිරීම් නවතන ලෙසයි.
පසුගිය ආණ්ඩු සමයේදී මෙම හෝටලය ලක්ෂිත බෝගොල්ලාගම විසින් ලබාගෙන ආරම්භ කර ඇති බව සේවකයන් පිරිස පෙන්වා දුන්නා.
අද වන විට එය වසා දමා සේවකයන්ගේ රැකියා ද අහිමිකර තිබෙනවා.
පවතින තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුකරන බවයි විරෝධතාවයේ නිරත පිරිස පෙන්වා දුන්නේ.