ඇමති බංගලා ඉල්ලා තානාපති කාර්යාලත් පෝලිමේ
2025 March 14- Page Views : 25 ශ්‍රී ලංකාවේ විදේශීය තානාපති කාර්යාල හතරක් ඔවුන්ගේ කාර්යාල පවත්වාගෙන යෑම සඳහා ඇමැති බංගලා දෙන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.
එසේම විශ්ව විද්‍යාල නේවාසිකාගාර සඳහාද ඇමැති බංගලා ඉල්ලා ඇතැයි එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
දැනට ඇමැති බංගලා ඉල්ලීම් කර අැති ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව 20කට අසන්නය.
මේ සම්බන්ධයෙන් අප අමාත්‍යාංශයේ ලේකම් සුමන ආලෝක බණ්ඩාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම ඇමැති බංගලා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට පසුගියදා ඉදිරිපත් කළ බවයි.
මේ අනුව අමාත්‍ය මණ්ඩලයේ තීරණය තව නොබෝ දිනකින් දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.