WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

විශේෂ මෙහෙයුම්වලින් පුද්ගලයින් 30,322දෙනෙකු පරීක්ෂාවට

2026 January 11- Page Views : 6

දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ ගතවූ දිනයේ දී අපරාධ සම්බන්ධයෙන් සෘජුව හදුනාගත් පුද්ගලයින් 14දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ දිනයේ දී දිවයින පුරා පුද්ගලයින් 30,322දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බවය.

එහිදී සැකපිට පුද්ගලයින් 679දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව වරෙන්තුකරුවන් 275දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර විවෘත වරෙන්තුකරුවන් 150දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

එමෙන්ම දිවයින පුරා සිදුකළ පරීක්ෂාකිරීම්වලදී බීමත් රියදුරන් 507දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරික්ෂාකාරී රිය ධාවනය ඇතුළු රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 5,283දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.