WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අනුරාධපුරයේ වනාන්තර 5ක් රක්ෂිත ලෙස නම් කෙරේ

2026 May 25- Page Views : 8

ජාත්‍යන්තර ජගත් පරිසර දිනය නිමිත්තෙන් වනාන්තර 5ක් රක්ෂිත ලෙස නම් කිරීමට රජය පියවර ගෙන තිබේ.

අද (25) පැවති “ජගත් පරිසර දිනය 2026” පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසා සිටියේ, ඊට අමතරව “මූලගිය උල්පත්” ද රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තු වන බවය.

ඒ අනුව, රිටිගල, අලියාවැටුණු වැව, බුලාගල, කෝන් කැටියාව සහ කලලංචිය රක්ෂිත ලෙස නම් කර තිබේ.

හෙක්ටයාර 2,169ක ප්‍රමාණයක් අඩංගු වන මෙම වනාන්තර පහම අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත්වීම විශේෂත්වයක් වන බවද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර, ජල සම්පත් මණ්ඩලය සහ මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධයෙන් කුඩා බුබුල දිය උල්පත් රක්ෂිතය ද ප්‍රකාශයට පත් කරන බව ද පරිසර අමාත්‍යවරයා පැවසීය.

ජුනි 5 වෙනිදාට යෙදෙන ජාත්‍යන්තර ජගත් පරිසර දිනයෙහි තේමාව වන්නේ 'දේශගුණික ක්‍රියාකාරිත්වයන් සඳහා ගෝලීය කැඳවීම' යන්නය.

ඒ ආශ්‍රයෙන් සකස් කරනු ලැබූ මෙරට තේමාව ලෙස 'දළුලන්න ඉඩ දෙන්න - දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු' යන තේමාව යටතේ මෙරට පරිසර දිනය සමරන බව අමාත්‍යවරයා පැවසීය.

මේ අතර පරිසර දිනයට සමගාමීව මෙරව පරිසර සතිය මැයි 30 සිට ජුනි 5 දක්වා පැවැත්වෙන බවද පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.