WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඩෙංගු මරණ 61 දක්වා ඉහළට

2026 July 25- Page Views : 7

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 

මේ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තාවී ඇති ‌‌‌ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,905 දක්වා ඉහළ ගොස් ඇති බව එම ඒකකය නිකුත් කළ වාර්තාවේ සඳහන්ය.

ඒ අනුව ජූලි මාසයේ ඊයේ (24) දින දක්වා වාර්තාවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 25,530කි. 

වසරේ මේ දක්වා කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,135ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,140ක්, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5574ක් හඳුනාගෙන ඇත. 

බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති ඩෙංගු ආසාදිතයින් සංඛ්‍යාව 42,835කි. 

දකුණු පළාතේ රෝගීන් 12,260ක් ද මධ්‍යම පළාතෙන් රෝගීන් 6924ක් ද වාර්තාවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කළේය.