කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි දේපළකට අදාළව ව්යාජ ඔප්පුවක් සකස් කර කෝටියක මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලකට අනුව එහි මූල්ය විමර්ශන අංශය මගින් සිදුකළ විමර්ශනයකදී සැකකරු ඊයේ (15) කළුතර නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 73 හැවිරිදි කළුතර ප්රදේශයේ පදිංචිකරුවෙකි.
විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ සැකකරු විසින් අදාළ දේපොළ සම්බන්ධයෙන් ව්යාජ ලේඛන සකස් කර ඒවා අධිකරණ කටයුතු සඳහාද ඉදිරිපත් කර ඇති බවය.
අදාළ දේපළ රුපියල් කෝටියක මුදලකට විකුණා මුදල් වංචා කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්ය විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ව්යාජ ඔප්පු සකස් කර කෝටියක මුදල් වංචා කළ සැකකරු අත්අඩංගුවට
පුවතට සවන් දෙන්න
ස්වයංක්රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.