මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස මහින්ද සිරිවර්ධන යළි වැඩ භාරගනී
2024 November 20- Page Views : 12 මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (20) සිය ධුරයේ යළි වැඩ භාර ගත්තේ ය.
භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තුවල ප්‍රධානීහු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම ලබාගැනීම සහ මෙරට ණය ප්‍රතිව්‍යුහගතරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා සුවිශේෂී දායකවත්යක් දැක් වූ ඒ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානය සඳහා විකල්ප විධායක අධ්යක්ෂ ලෙස කටයුතු කර ඇත.
ඇමරිකා එක්සත් ජනපදයේ වැන්ඩබිල්ට් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබාගෙන ඇති ඒ මහතා කැලණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී විශේෂ උපාධියක් ලබා ඇත.
සිරිවර්ධන මහතා සාර්ව ආර්ථික කළමනාකරණය, සාර්ව ආර්ථික පුරෝකථනය, මුදල් ප්‍රතිපත්තිය, මහ බැංකුකරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය ණය කළමනාකරණය හා මූල්‍ය වැඩසටහන්කරණය සහ ප්‍රතිපත්ති යනාදී ක්ෂේත්රයන්හි ජාත්‍යන්තර පුහුණුකරණ වැඩසටහන් ගණනාවකට සහභාගී වී ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.