නව කථානායක අශෝක රන්වල?
2024 November 20- Page Views : 29 නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාතික ජන බලවේගයේ විධායක සභිකයකු වන රන්වල මහතා මෙවර මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කොට මනාප ඡන්ද 109332ක් ලබා ගම්පහ ජාජබ මනාප ලැයිස්තුවේ හයවන ස්ථානයට පත් විය.
හිටපු බස්නාහිර පළාත් මන්ත්‍රීවරයකුද වන අශෝක රන්වල මහතා ජෛව ජනන අර්ථ ශාස්ත්‍ර පර්යේෂණායතනයේ අධ්යක්ෂවරයාද විය.
ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති ලෙස ද කටයුතු කළ අශෝක රන්වල මහතා ජාතික ජන බලවේගය සමඟ ප්‍රබල ක්‍රියාකාරී දේශපාලනයක නිරත වූවෙකි.රන්වල මහතා බියගම ආසනයේ කේන්ද්‍ර කර ගනිමින් සිය දේශපාලන කටයුතු මෙහෙයවීය.