WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මාරක අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට

2025 August 10- Page Views : 14

දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

පොලීසිය පැවසුවේ මෙම අනතුරු ඊයේ (09) දිනයේදී සිදුව ඇති බවය.

ඒ අනුව ඊයේ අලුයම් කාලයේදී මැදවච්චිය පොලිස් වසමේ කැබිතිගොල්ලෑව මැදවච්චිය මාර්ගයේ දෙවන කිලෝමීටර් කණුව අසලදී මැදවච්චිය දෙසට ධාවනය වූ රථයක් මාර්ගය අයිනේ ගමන් කළ පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 39ක් වූ මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම බටපොල පොලිස් වසමේ උඩුවිල ඇත්කඳුර මාර්ගයේ දොරල හන්දිය අසලදී ඇත්කඳුර දෙස සිට දොරල දෙසට ධාවනය වූ පා පැදියක් මාර්ගයේ නඩත්තු කටයුතු කරමින් සිටි ගල් රෝලක ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් පා පැදිකරු බරපතළ තුවාල ලබා උඩුවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 61ක් වූ බටපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තවද වරකාපොල පොලිස් වසමේ කොළඹ මහනුවර මාර්ගයේ මාහේනපාත හන්දිය අසලදී කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගය හරහා ගමන් ගත් පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික පුද්ගලයා වරකාපොල රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 83ක් වූ තෝලන්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලීසිය පැවසුවේ අනතුර සිදුකළ මෝටර් රථ රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් වරකාපොල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බවත්ය.