WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දුන්හිදදී බස් අනතුරක්: 10ක් රෝහලේ

2025 August 15- Page Views : 9

බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ වංගුව අසල දී අද (15) උදෑසන වන්දනා බස් රථයක් මාර්ගය අසල නවතා තිබු ලොරියක ගැටීමෙන් දසදෙනකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .

හාලිඇල උඩුවර ප්‍රදේශයේ පිරිසක් රැගත් පෞද්ගලික වන්දනා  බස් රථයක්  නුවර බලා යමින් සිටියදී දුන්හිඳ වංගුව අසල දී මෙසේ මාර්ගය අසල නවතා තබා තිබු ලොරියක ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇතයි පොලිසිය සදහන් කළේය.

තුවාලකරුවන් කිහිප දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග පැවසීය .