WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රට පුරා කම්හල් හදන්න ඉඩම් අක්කර පනස්දාහක්

2025 September 02- Page Views : 31

කර්මාන්ත සඳහා ඉඩම් අක්කර පනස්දාහක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත අමාත්‍යාංශ නිලධාරීහු ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී  පැවසූහ.

මීට පෙර ජාතික සැලැස්මකට අනුව කර්මාන්ත සඳහා ගැළපෙන ඉඩම් ලබාදීමට කටයුතු නොකර දේශපාලනමය හෝ වෙනත් හේතු මත ඉඩම් ලබාදීම හේතුවෙන් විවිධ ගැටලුකාරී තත්වයක්  ඇතිවූ  බව එම කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.

මේ අනුව මේ පිළිබඳව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු අදාළ ආයතන සාකච්ඡා කර ගත හැකි පියවර සහ ඉදිරි සැලැස්ම පිළිබඳව වාර්තාවක්  දෙන ලෙස කාරක සභාව නිර්දේශ කළේය.

මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ වත්මන් කාර්ය සාධනය සහ ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ඉදිරියේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ  මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය ඒකාබද්ධ කිරීමට කටයුතු කරන බව ද නිලධාරීහු පැවසූහ.