WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සරසවි ආචාර්යවරු සියයට 50ක හිඟයක්

2025 September 04- Page Views : 8

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 13,000ක් පමණ සිටිය යුතු පද්ධතියක මේ වන විට සිටින්නේ ආචාර්යවරුන් 6,500කට ආසන්න ප්‍රමාණයක් බව ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ප්‍රගීත් වීරතුංග සඳහන් කරනවා.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සියයට පනහක ආචාර්යවරුන්ගේ හිඟයක් පවතින බව වාර්තා වෙනවා.

පසුගිය වසර කිහිපය තුළ විශ්වවිද්‍යාල පද්ධතියෙන් ආචාර්යවරු 1500ක් පමණ ඉවත්ව ගොස් ඇති බවත් මෙහිදී අනාවරණය වෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පමණක් ආචාර්යවරුන් 150ක් පමණ ඉවත්ව ගොස් ඇති බවත්, බොහෝ විශ්වවිද්‍යාලවල වෛද්‍ය, ඉංජිනේරු, තාක්ෂණ ආදී පීඨයන්වල තත්ත්වය බරපතළ බවයි මහාචාර්ය ප්‍රගීත් වීරතුංග පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය හේතුවෙන් උපාධි පාඨමාලා රැසක ඉගැන්වීම් සහ ඇගයීම් කටයුතු වල ගැටලු මතුවී ඇති බවයි සඳහන්.

"විශ්වවිද්‍යාල ආචාර්යවරු 1000ක් 1500ක් ඉවත් වෙලා ගිහිල්ලා තියෙන වෙලාවේ, 400ක් 500ක් බඳවාගන්න තමයි ඉඩ දීලා තියෙන්නේ. දහ දෙනෙක් ඉන්න ඕන පීඨයකට තුන් දෙනෙක් හතර දෙනෙක් අරගෙන ඒ වැඩේ කරන්න බැහැ"

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ප්‍රමාණවත් පහසුකම් සහ වැටුප් නොලැබීම මෙම තත්ත්වයට හේතුව බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ වන විට මෙම ගැටලුව සහ විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු රැසක් පිළිබඳව ආචාර්ය සමිති සම්මේලනය රජය සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.