ඉෂාරා ගෙන එන්න STF නිලධාරීන් නේපාලයට
2025 October 15- Page Views : 36 නේපාලයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් පස්දෙනා මෙරටට රැගෙන ඒමට සහායවීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙදෙනෙකු නේපාලය බලා පිටත්ව ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු මේවන විට නේපාලයේ රැඳී සිටින අතර ඔවුන්ට සහායවීම සඳහා මෙම නිලධාරීන් දෙදෙනා පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.
නේපාලයේ කත්මන්ඩු නුවර සිට කිලෝ මීටර් 18ක පමණ දුරින් වු නිවසක රැඳී සිටිය දී ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා ඇතුළු නිලධාරීන් කීපදෙනකු එම සැකකාරිය සහ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා නේපාල පොලිසියට සහ ජාත්‍යන්තර පොලිසියට සහාය ලබාදී තිබුණි.