WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හරිනිගෙ නමින් ඉන්දියාවේ පර්යේෂණ ඒකකයක්

2025 October 17- Page Views : 4

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ නමින් දිල්ලි හින්දු විද්‍යාලයේ පර්යේෂණ ඒකකයක් නම් කලේය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමාජ විද්‍යාව පිළිබඳ උපාධිය හැදෑරූ  හින්දු විද්‍යාලයේ සහ  දිල්ලි විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට ඉන්දීය නිල සංචාරය අතරතුර එක් විය.

එහිදී  විද්‍යාලයේ කාර්ය මණ්ඩලය, පීඨ සාමාජිකයින් සහ සිසුන් විසින් අග්‍රාමාත්‍යවරිය උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ඇයගේ ජයග්‍රහණ අගයමින්, හින්දු විද්‍යාල පරිශ්‍රයේ "හරිනි අමරසූරිය සමාජ සහ ජනවාර්ගික පර්යේෂණාගාරය" ලෙස නම් කරන ලද නව පර්යේෂණ ඒකකයක්  විවෘත කෙරිණි.

අනතුරුව  අග්‍රාමාත්‍යවරිය  ඉගෙන ගත් පන්ති කාමර නැරඹීමට එක් වූ අතර, හින්දු විද්‍යාලය හරහා අගමැතිනියගේ  අධ්‍යයන ගමන මෙන්ම සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කැපවීම සඳහා විද්‍යාලය තුළින් ලද පන්නරය සිහිපත් කරමින් ශිෂ්‍යාවක් ලෙස ගත කළ කාලය පිළිබඳ අත්දැකීම් සිසුන් සහ කාර්යමණ්ඩලය සමග බෙදා  ගත්තා ය.