WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නෙවිල් වන්නිආරච්චි යළි රිමාන්ඩ්

2025 October 17- Page Views : 10

උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි අන්දමේ රුපියල් කෝටි ගණනක දේපළකට  උරුමකම් කියමින් වත්කම් බැරකම් නිසිපරිදි ඉදිරිපත් නොකළේ යැයි කියන ,හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ  ආරක්ෂක ලෙස කටයුතුු කළ ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික ලුතිනන් කර්නල් වන්නිආරච්චි නෙවිල් නොහොත් නෙවිල් වන්නිආරච්චි  සැකකරු ලබන 31 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම  මහතා  අද(17) නියෝග කළේය.

වීරකැටියේ වලස්මුල්ල පාරේ අක්කර 03 පර්චස් 38ක විහිදී ඉන්ධන පිරමුම්හලක්,පල්ලෙ කැලේ ප්‍රදේශයෙන් මිලදී ගත් රුපියල් 4550500.00ක් වටිනා නිවස,මහරගම ප්‍රදේශයේ ලක්ෂ 125 වටිනා නිවස,දෙමටගොඩ ලක්ෂ 1650000.00 ක නිවස,තිස්සමහාරාම අකුරුගොඩ ප්‍රදේශයේ ඉදිකිරෙමින් පවතින හෝටලය,කෝට්ටේ මාදිවෙල ලක්‍ෂ 400 ක් වටිනා තෙමහල්,නිවස ,බෙලියත්ත හා වීර කැටිය නගරවල කඩ කාමර  ඇතුළු  දේපල රැසකට උරුමකම් කීම සම්බන්ධයෙන් අල්ලස් කොලිසම පැවරූ පැමිණිල්ලට අදාළව මේසේ යළි.  රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.