ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් නෑ
2026 March 10- Page Views : 6
ඩිසල් මිල ඉහළ ගිය ද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල ඉහළ ගිය ද ඉන් බස් ගාස්තු සංශෝධනය සඳහා බලපෑමක් සිදුනොවන බවය.
මේ හේතුවෙන් පවතින ගාස්තු ඒ අයුරින් පවත්වාගෙන බව ද ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා වැඩිදුරටත් පැවසීය.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 22කින් ද ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 24කින් ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබීය.