යතුරුපැදියක් ට්‍රැක්ටර් රථයක ගැටෙයි – දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
2026 March 17- Page Views : 6
යාපනය පොලිස් වසමේ යාපනය කොළොම්බුතුරේ මාර්ගයේ නෙඩුම්කුලම් හන්දිය ආසන්නයේදී යතුරුපැදියක් ට්‍රැක්ටර් රථයක ගැටී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (16) රාත්‍රීයේ යාපනය දෙස සිට කොළොම්බුතුරේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ට්‍රැක්ටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකාරිය යාපනය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදීයි මියගොස් ඇත්තේ.
මියගිය තරුණයා වයස අවරුදු 24ක් සහ තරුණිය වයස අවුරුදු 19 ක් වන මානියම්තෝට්ටම් ප්‍රදේශයේ පදිංචිකරුවන්.
අනතුරට සම්බන්ධ ට්‍රැක්ටර් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.