යොහානි කියන්නේ දැන් නිකම්ම නමක් නෙවෙයි, ලෝකයක් දන්න බ්‍රෑන්ඩ් එකක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.
හැබැයි හෙට දවස ලංකාවේ සංගීත ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන දවසක් කිව්වොත් නිවැරදියි. ඒකට හේතුව තමයි ඉන්දියාවේ තියෙන දැවැන්තම සහ වඩාත්ම පිළිගත් ස්වාධීන සංගීත උළෙලක් වෙන Ziro Festival of Music හි ප්‍රධාන මූන් වේදිකාවේ අවසන් ප්‍රසංගය ඉදිරිපත් කිරීමේ ගෞරවය අපේ යොහානිට හිමිවෙලා තියෙන එක.
2012 ඉඳන් පටන් ගත්ත මේ Ziro ෆෙස්ටිවල් එකට ඉන්දියාවෙන් විතරක් නෙවෙයි ලෝකේ වටෙන්ම දැවැන්ත කලාකරුවන් එකතු වෙනවා. හැබැයි මේ කතාවේ වැදගත්ම හරය ඒක නෙවෙයි!
හුඟක් අයට යොහානි කිව්වම මතක් වෙන්නේ කවර් සින්දු වුණාට, මෙදා පාර යොහානි මේ ජාත්‍යන්තර ස්ටේජ් එකට නගින්නේ වෙන කාගෙවත් සින්දු අරගෙන නෙවෙයි. සම්පූර්ණයෙන්ම ඇගේම ඔරිජිනල් සින්දු එකතුවක් අරගෙන. ඒ වගේම ඒ සින්දු වලින් වැඩි හරියක් ගායනා කරන්නේ අපේ මව්බසින්... ඒ කියන්නේ සිංහලෙන්!
ලංකාවේ බිහිවුණු කලාකාරිනියක් තමන්ගේම සිංහල සින්දු ටිකක් කියාගෙන මෙච්චර ලොකු ජාත්‍යන්තර මියුසික් ෆෙස්ටිවල් එකක මේන් ස්ටේජ් එකක් අවසන් කරනවා කියන්නේ අපි මෙතෙක් දැකපු නැති විදිහේ දැවැන්ත ජයග්‍රහණයක්.
ඉතින් මේක යොහානිගේ තවත් එක සාමාන්‍ය ෂෝ එකක් නෙවෙයි, මේක අපේ ලංකාවේ මියුසික් වලට ලෝක වේදිකාවේ ලැබුණු අතිවිශාලම අවස්ථාවක් වගේම ලාංකිකයෝ විදිහට අපි හැමෝම ආඩම්බර වෙන්න ඕනේ මොහොතක්!
ශ්‍රී ලාංකීය සංගීතයට ඉතිහාසගත රාත්‍රියක්.. Ziro ප්‍රධාන වේදිකාව යොහානිගේ සිංහල ගීත වලින්ම වැසී යයි.
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
මධුෂානි අබේසිංහ
විශේෂාංග හා සංස්කෘතික වාර්තාකරු
සංචාරක, කලා සහ පාරිසරික විශේෂාංග ලිපි සම්පාදනයෙහි නියුතු සම්මානනීය ලේඛිකාවකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.