පොළොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය හතේ කණුව දේවාල වංගුව ප්‍රදේශයේදී මැදිරිගිරියේ සිට කොළඹ බලා ධාවනය වුණු පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.

අද (10) අලුයම 4.45ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, බස් රථය පෙරළීමෙන් අනතුරට ලක්වූ 22දෙදෙනෙකු හබරණ සහ හිඟුරක්ගොඩ රෝහල්වලට ඇතුළත් කළ බව මින්නේරිය පොලීසිය පැවසීය.

මෙම ස්ථානයේ අනතුරුව බහුලව සිදුවන ස්ථානයක් වන අතර ඒ අසල තිබෙන ඇළ මාර්ගයට මෙම බස් රථය මාර්ගයෙන් ඉවතට ගොස් වැටී තිබුණි.