ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය.
ඒ ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවැති තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 63කින් පරාජයට පත් කරමිනි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 165ක් රැස් කළේය.
ඒ අනුව හිමි වූ ලකුණු 166ක ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 102ක් පමණි.
මෙය මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව දිනාගත් තෙවන පදක්කම වන අතර, මේ වන විට ශ්‍රී ලංකාව රන්, රිදී සහ ලෝකඩ පදක්කම බැගින් දිනාගැනීමට සමත්ව සිටියි.
පිරිමි ක්‍රිකට් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට - ආසියානු ක්‍රීඩා උළෙල
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.