ශ්රී ලංකාවේ පැවැත්වෙන 2026 - මිස් ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් ( Miss International World - 2026 ) තරගාවලියේ , අවසාන මහා තරගයේ ( Grand Finally ) ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා , 2025 වසරේ මිස් ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් තරගාවලියේ ජයග්රාහිකාව වූ කැටලිනා ඩියුක් ( Catalina Duque ) මෙනවිය අද අලුයම දිවයිනට පැමිණියාය.
ඇය 2024 වසරේ මිස් කොලිම්බියා ( Miss Colombia ) රූ රැජින තරගාවලිය ජයග්රහණය කරන්නට ද සමත් වී සිටියාය.
ඇය පිළිගැනීම සදහා මිස් ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් තරගාවලියේ ශ්රී ලංකා ජාතික සංවිධායිකා රජිතා ලොකුබණ්ඩාර මහත්මිය සහ ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
මිස් ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් කැටලිනා ඩියුක් දිවයිනට
පුවතට සවන් දෙන්න
ස්වයංක්රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
නිරෝෂානි ජයවර්ධන
ජ්යෙෂ්ඨ ආර්ථික විශ්ලේෂක
කොළඹ විශ්වවිද්යාලයේ ආර්ථික විද්යා උපාධිධාරිනියක් වන අතර මූල්ය සහ වෙළෙඳපොළ පුවත් පිළිබඳ විශේෂඥවරියකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.