සහකාර බන්ධනාගාර අධිකාරි අල්ලස් දැලේ
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන්ට වියලි ආහාර ද්‍රව්‍ය සපයන සැපයුම්කරුගෙන් රුපියල් 1,235,000.00ක අල්ලස් මුදලක් ලබා ගත්තේ යැයි කියන සහකාර බන්ධානාගාර අධිකාරිවරයා අල්ලස් කොමිසම මගින් ඊයේ පස්වරුවේදී අත්අඩංගුවට ගත්තේය.
ත්‍රිකුණාමල බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරියේ රැඳවියන් සඳහා ආහාර ලබාදීමේ දී ඊට අදාළව වියළි ආහාර ද්‍රව්‍ය සපයන සැපයුම්කරුවන්ගේ බන්ධනාගාරයේ නියාමකරුවරයකු මාර්ගයෙන් අල්ලස් ඉල්ලා ලබා ගැනිම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පැවසීය.
සැකකරු ත්‍රිකුණාමලයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.