ශ්‍රීලන්කන් ගුවන් සේවය රියාද් දක්වා සිදුකරන ගුවන් ගමන් හෙට (10) දක්වා අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

මේ අතර හූති ප්‍රහාර හේතුවෙන් රියාද් බලා යන ගුවන් ගමන් 300කට අධික සංඛ්‍යාවක් ලොව පුරා අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.