පෞද්ගලික අංශයටද වසරක් ඇතුළත මෙට්‍රෝ බස් සේවාවට එක්වීමට අවස්ථාව ලබාදෙන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ වසරක් තුළ එම අවස්ථාව ලබාදෙන බවය.
කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙට්‍රෝ බස් රථවලට හානි සිදුකරන පුද්ගලයන්ට එරෙහිව පොදු දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් බරපතළ නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණදීමට සිදුවිය හැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙට්‍රෝ බස් රථ සියයකට අධික සංඛ්‍යාවක් ධාවනය වන අතර, පෞද්ගලික බස් රථවලින් අතිබහුතරයක් ඊට බාධා සිදුකර නොමැති බවත්, බස් රථ කිහිපයකින් පමණක් එවැනි සිදුවීම් වාර්තා වන බවත් ඔහු පැවසීය.
මෙය සමස්ත පෞද්ගලික බස් හිමියන්ගේ ප්‍රශ්නයක් ලෙස නොසලකන බව සඳහන් කළ අමාත්‍යවරයා, මෙට්‍රෝ බස් සේවාව සමඟ ගැළපෙමින් කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා,
"මෙට්‍රෝ බස් අනතුරට ලක්කරන අය මේ කරන්නේ පොදු දේපළ හානි කිරීමක්. ඒවා කරන රියදුරු මහත්වරුන්ට හරි හිමිකරුවන්ට හරි මං හිතන්නේ බරපතළ නඩුවලට මුහුණ දෙන්න වෙයි. මොකද ලංකාවේ ජනතාවගේ පොදු දේපළ මේ හානිකරන්නේ. මෙට්‍රෝ බස් එකසිය ගානක් වැඩ කරනවා, ඒවට පෞද්ගලික බස් රථවලින් අතිවිශාල ප්‍රමාණයකින් කිසිම කරදරයක් කරලා නැහැ. ඉතාම සුළු බස් කිහිපයක් තමයි මේ අනතුරු කරලා තියෙන්නේ. ඒ නිසා මම කියන්නම් ඒක පෞද්ගලික බස් හිමියන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. මම හිතන්නේ ඔය කොතනත් ඉන්නවනේ ටිකක් නේද? ඉතින් මම කියන්නේ අපරාදෙ නිකන් පොදු දේපළ හානි කරලා ලොකු අමාරුවේ වැටෙන්නේ නැතුව, මේක රට පිළිඅරගත්ත දෙයක්, මේකට අනුව යන්න. මේකට අනුව හැඩගැහෙන්න. මොකද අපි කොහොමත් අවුරුද්දක් ඇතුළතදී පෞද්ගලික අංශයට විවෘත කරනවා මෙට්‍රෝ සේවාව."
මෙට්‍රෝ බස් ධාවනයට පුද්ගලික අංශයටත් අවස්ථාව
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
කසුන් සම්පත් ප්‍රනාන්දු
ක්‍රීඩා ප්‍රධාන වාර්තාකරු
ජාත්‍යන්තර ක්‍රිකට් සහ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආවරණය කළ ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.