වනඇත් හා අලින්ගෙන් ලබා ගත් දළ කොටස් හා අලිකෙඳි සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකුව බුත්තල පොලිස් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බුත්තල නගරයේ බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී ඊයේ (09) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සංතකයේ තිබී දළ කොටස් 11 ක් ඇත්දළ කොටස් වලින් සකසන ලද අත් පළඳනාවක් හා ඇත් කෙඳි 29 ක් පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු අවුරුදු 67 ක් වන පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බුත්තල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ඇත්දළ කොටස් හා අලිකෙඳි සමඟ පුද්ගලයෙක් කොටුවෙයි
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.