පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්රව්ය පාලන ඒකකයට ලද තොරතුරක් මත පුත්තලම, තිල්ලඩිය ප්රදේශයේදී ඊයේ (18) පස්වරුවේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.
සැකකරු තිල්ලඩිය ප්රදේශයේ සිට පුත්තලම නගරයට කේරළ ගංජා ප්රවාහනය කරන බවට ලද තොරතුරක් අනුව යතුරුපැදිය නවතා පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ කේරළ ගංජා තොගය සොයාගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්රීවරයෙකු වන නකුලේෂ්වරන් නමැති අයෙකු බවය.
ඔහු ශ්රී ලංකා මුස්ලිම් පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස ද කටයුතු කර ඇති බව සඳහන් වේ.
පොලිස් භාරයට ගත් කේරළ ගංජා තොගය සහ ජාවාරම සඳහා යොදාගත් බව කියන යතුරුපැදිය අද (19) පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මත්ද්රව්ය පාලන අංශය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගෙන් වැඩිදුරටත් ප්රශ්න කරමින් විමර්ශන සිදුකරන බව ද පොලිසිය වැඩිදුරටත් පැවසීය.
පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට
පුවතට සවන් දෙන්න
ස්වයංක්රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.