යුද හමුදාවේ 21 වන පාබළ සේනාංකය විසින් මද කිපී වනගතව සිටි. "අග්බෝ" ඇතා සෙවීම සඳහා නාච්චාදූව වැව් රක්ෂිතය ආශ්රිතව දියත් කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමෙන් අනතරුව එම හස්තියා තිරප්පනේ, නාච්චාදූව වැව් රක්ෂිතයේදී සොයාගෙන තිබේ.
මේජර් ජෙනරාල් කමින්ද සිල්වාගේ මෙහෙය වීම මත සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම ඇතා සොයාගෙන ඇත.
එම ප්රදේශය භාර වනජීවී අඩවි සහකාර බුද්ධික මහතා තහවුරු කර ඇත්තේ, අග්බෝ ඇතා සොයාගන්නා අවස්ථාව වන විටත් යහපත් සෞඛ්ය තත්ත්වයෙන් පසුවූ බවයි.
ඒ අනුව, අග්බෝ ඇතා මේ වන විට නාච්චාදූව වැව් රක්ෂිතය තුළ නිරුපද්රිතව සැරිසරන බව පරිසර අමාත්යාංශයේ මාධ්ය ඒකකය සඳහන් කරයි.
යුධ හමුදාවෙන් සොයාගත් අග්බෝ ඇතා
පුවතට සවන් දෙන්න
ස්වයංක්රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.