ඌව පළාතට සහ අම්පාර, මඩකලපුව, හම්බන්තොට යන දිස්ත්රික්ක සඳහා ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (29) පෙරවරු 11.30ට නිකුත් කළ එම නිවේදනය අද රාත්රී 11.00 දක්වා වලංගු වේ.
ඒ අනුව, එම ප්රදේශවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම, ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බැවින්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පුවතට සවන් දෙන්න
ස්වයංක්රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.