අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයක නිරතව සිටින බලංගොඩ කස්සප හිමියන් සමඟ සිටියදී පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හෙරොයින් සහ ගංජා භාවිත කර සිටි බවට සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ, බලදුර රංගිරියලාගේ ප්‍රසාද් සුසන්ත ජයසිරි නොහොත් දහම් ප්‍රසාද් නමැති පුද්ගලයාය.
පසුගියදා අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පොලිසිය සහ භික්ෂූන් වහන්සේලා අතර ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
අනුරාධපුර පූජා නගර සැලැස්මට විරෝධය පළ කරමින් සංවිධානය කර තිබූ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා සහ ඊට සහාය පළ කළ සිවිල් පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලීසිය උත්සාහ කිරීමත් සමඟ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබූ අතර, පසුව එය ගැටුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබිණි.
කස්සප හිමි සමඟ සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙරොයින් හා ගංජා භාවිත කර සිටි බවට හෙළිවෙයි
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.