හැටන්ඔය පිටාර ගැලීමෙන් හැටන් පිලිහතර ප්‍රදේශයේ නිවාස 30ක් පමණ යටවී තිබේ. එම නිවාසවල අඩි 3-4 දක්වා උසකට වැසි ජලය සහ මඩ පැවති බව සඳහන්ය. එම නිවාසවල සිටි පිරිස් දැඩි පරිශ්‍රමයක් දරා පදිංචිකරුවන් සහ ප්‍රදේශවාසීන් මුදාගෙන ඇත. හැටන් ඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගය අවහිර වීමෙන් එම ඇළ පිටාර ගැලීම හේතුවෙන් සිය නිවාස කාලයක් පුරාවට මෙලෙස ආපදාවට ලක්වන බව එම නිවසවල පදිංචිකරුවෝ පවසති. වැසි ජලයෙන් තම නිවාසවල තිබූ පෞද්ගලික බඩු භාහිර ආදියද විනාශ වූ බවයි  පීඩාවට පත් ජනතාව සඳහන් කරයි.