දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ 'යසිරු පුතා' නමැති බහුදින ධීවර යාත්‍රාව ගාල්ල වරායට රැගෙනවිත් තිබේ.
එම යාත්‍රාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 50කට අධිකව සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් 52කට අධික ප්‍රමාණයක්ද සොයාගෙන ඇති අතර, ඒවා ගෝනි හයක බහා තිබූ බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදාව සහ බුද්ධි අංශ එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබුණි.
පසුගිය සැප්තැම්බර් 21 වැනිදා මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගොස් තිබූ මෙම යාත්‍රාවේ මත්ද්‍රව්‍ය පවතින බවට ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවකින් අනතුරුව නොවැම්බර් 11 වැනිදා එය අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී යාත්‍රාවේ සිටි සැකකරුවන් පස්දෙනෙකුද නාවික හමුදා භාරයට ගෙන ඇත.
මේ වන විට සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ බර සහ ප්‍රමාණය තහවුරු කර ගැනීම සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කටයුතු කරමින් සිටී.
මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ 'යසිරු පුතා' ගාල්ල වරායට - ගෝනි 6ක විෂ මත්ද්‍රව්‍ය
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.