ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන්ට පාරිභෝගික අධිකාරියෙන් කැඳවීමක්
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත කැඳවීමට පියවර ගෙන තිබේ.
ඒ ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහාය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ ඒ අනුව හෙට (16) දිනයේදී එම සමාගමේ නිලධාරීන්ට උදෑසන 10ට පැමිණ මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන ලෙසය.
පසුගිය 13 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ දැමීමට එම සමාගම පියවර ගනු ලැබීය.
ඒ අනුව මෙතෙක් පැවැති රුපියල් 4,965ක් ලෙස පැවැති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දැමීමට පියවර ගනු ලැබූ අතර ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 6,740ක් දක්වා ඉහළ ගියේය.
එමෙන්ම රුපියල් 1,988ක් ලෙස පැවැති කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වී ඇත්තේ රුපියල් 2,720ක් ලෙසය.
සමාගම පැවසුවේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින මිල ගණන්, නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු මෙන්ම අනුව මෙරටට ගෑස් තොග මිලදී ගැනීමේ පිරිවැය ඉහළ යාම හේතුවෙන් මෙම මිල සංශෝධනය කිරීමට සිදුවූ බවය.
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.