භූගත කාමරයක පවත්වාගෙන ගිය මහා පරිමාණ  නීතිවිරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා මාර්ගගත ක්‍රමය හරහා අලෙවි කරන මහා පරිමාණ ජාවාරමක් හෙළිදරව් කර ගැනීමට මාතලේ මහවෙල පොලිසිය සමත්ව තිබේ. ලද තොරතුරක් මත විශේෂ පොලිස්‌ කණ්ඩායමක් මහවෙල පොලිස් බල ප්‍රදේශයේ පල්ලේපොල  තලකිරියාව ප්‍රදේශයේදී මෙම මෙහෙයුම සිදුකර ඇත. එම ජාවාරම සිදු කරන සැකකරුවන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බව මහවෙල පොලිසිය සඳහන් කරයි. පල්ලෙපොල මාතලේ ප්‍රධාන මාර්ගයේ කැඩී ගිය දෙමහල් ගොඩනැගිල්ලක පොළොව යට ඇති බිම්මහලේ  වසරකට අධික කාලයක සිටි  මහා පරිමාණයෙන් මෙම ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇති බව සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණවී තිබේ . අත්අඩංගුවට පත්  සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, නාවුල, පල්ලෙපොළ, ආදී දුර බැහැර ප්‍රදේශවලට ජංගම දුරකථනය  ඔස්සේ ලබාගන්න පණිවුඩ හරහා  කසිප්පු තොග සහ සිල්ලරට අලෙවි කිරීම  ප්‍රවාහනය කිරීම සිදුකර ඇති බවය. මෙම ස්ථානයේ තිබී ගෝඩා ලීටර් දසදහසක්  බැරල් අටක් මත්පැන් පෙරීමට භාවිත කරන උපකරණ, ගෑස් ලිප්, ගෑස් ටැංකි සහ තවත් උපකරණ රැසක් සොයා ගත් බව පොලිසිය සඳහන් කළේය. සැකකරුවන්ගේ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණවී ඇත්තේ‍, ප්‍රවාහන කටයුතු  සහා පෙරීම සඳහා සහාය වෙන තවත් සැකකරුවෙකු සිටින  බවත් ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවය. එම සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිත බව මහවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල බණ්ඩාර මහතා සඳහන් කළේය. ලද තොරතුරක් මත විශේෂ පොලිස්‌ කණ්ඩායමක් මහවෙල පොලිස් බල ප්‍රදේශයේ පල්ලේපොල  තලකිරියාව ප්‍රදේශයේදී මෙම මෙහෙයුම සිදුකර ඇත. එම ජාවාරම සිදු කරන සැකකරුවන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බව මහවෙල පොලිසිය සඳහන් කරයි. පල්ලෙපොල මාතලේ ප්‍රධාන මාර්ගයේ කැඩී ගිය දෙමහල් ගොඩනැගිල්ලක පොළොව යට ඇති බිම්මහලේ  වසරකට අධික කාලයක සිටි  මහා පරිමාණයෙන් මෙම ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇති බව සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණවී තිබේ . අත්අඩංගුවට පත්  සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, නාවුල, පල්ලෙපොළ, ආදී දුර බැහැර ප්‍රදේශවලට ජංගම දුරකථනය  ඔස්සේ ලබාගන්න පණිවුඩ හරහා  කසිප්පු තොග සහ සිල්ලරට අලෙවි කිරීම  ප්‍රවාහනය කිරීම සිදුකර ඇති බවය. මෙම ස්ථානයේ තිබී ගෝඩා ලීටර් දසදහසක්  බැරල් අටක් මත්පැන් පෙරීමට භාවිත කරන උපකරණ, ගෑස් ලිප්, ගෑස් ටැංකි සහ තවත් උපකරණ රැසක් සොයා ගත් බව පොලිසිය සඳහන් කළේය. සැකකරුවන්ගේ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණවී ඇත්තේ‍, ප්‍රවාහන කටයුතු  සහා පෙරීම සඳහා සහාය වෙන තවත් සැකකරුවෙකු සිටින  බවත් ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවය. එම සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිත බව මහවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල බණ්ඩාර මහතා සඳහන් කළේය.