නකල්ස් දරු ප්‍රසූතිය ගැන ළමා කාන්තා ඇමතිනියගෙන් ප්‍රකාශයක්
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
නකල්ස් ප්‍රදේශයේ ගල් ගුහාවක දරුවකු ප්‍රසූත කළ 15 හැවිරිදි දැරිය මෙන්ම බිලිඳාගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය සහ ඔවුන්ගේ අනාගත යහපැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් සියලුම මැදිහත්වීම් කඩිනමින් සහ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය මේ වන විටත් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇතැයි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය කීවාය.
නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ බිළිඳාගේ සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය මෙසේද කීවාය.
නකල්ස් ප්‍රදේශයෙන් වාර්තා වූ වයස අවුරුදු 15ක පමණ දියණියක් අනාරක්ෂිත දරු ප්‍රසූතියකින් අනතුරුව බිළිඳෙකු සමඟ සොයාගැනීමේ සිදුවීම මවක් ලෙස මටද අතිශය කම්පනකාරී පුවතකි.
කෙසේ වුවද, මෙම සිදුවීමට මුහුණ දුන් එම බාලවයස්කාර දියණියගේ සහ අලුත උපන් බිළිඳාගේ ජීවිත මේ වන විට ආරක්ෂිතව තිබීම සහනයට කරුණකි.
මෙම සිදුවීම හුදෙකළා සිදුවීමක් ලෙස අප නොසළකන අතර වත්මනේ පවතින ආර්ථික, සමාජයීය, දේශපාලනික ඇතුළු විවිධ සංකීර්ණතා හේතුවෙන් අප දරුවන් විවිධ මට්ටම් වලින් සහ විවිධ ආකාරයන්ගෙන් අනාරක්ෂිත වන බව පැහැදිලි අතර මව්පියන් සහ දරුවන් අතර පැවතිය යුතු අන්‍යොන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය ක්‍රමයෙන් ගිලිහෙමින් යාම මෙවන් සිදුවීම්වලට දැඩි ලෙස සාධක වන බවද නිරීක්ෂණය වේ.
මේ හේතුවෙන් දරුවන්ට වඩාත් ආරක්ෂිත විය යුතු තම සමීපතම පරිසරය තුළ ඔවුන් අනාරක්ෂිත භාවයට පත්වීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇත.
කවර තත්ත්වයක් යටතේ වුවද "තම දෙමව්පියන් ළඟ තමා සුරක්ෂිතය" යන නොසැලෙන විශ්වාසය දරුවන් තුළ ගොඩනැගීමට දෙමව්පියන් ලෙස අප සැම උත්සාහ කළ යුතු බව මගේ හැඟීමයි.
පවුල තුළ එවැනි සුරක්ෂිත පරිසරයක් සහ විවෘත සංවාදයක් ඇති කිරීම තුළින් මෙවැනි අනතුරුදායක සහ කම්පනකාරී සිදුවීම් ඇතිවීම බොහෝ දුරට අවම කර ගත හැකි බව මාගේ විශ්වාසයයි.
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.