ලාෆ්ස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම සමාගමේ නිලධාරීන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත කැඳවීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව, අද (16) පෙරවරු 10ට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලාෆ්ස් ගෑස් සමාගමේ නියෝජිතයන් පිරිසක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණ ඇත.
පසුගිය 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ දැමීමට එම සමාගම පියවර ගනු ලැබීය.
ඒ අනුව, මෙතෙක් රුපියල් 4,965ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දැමීමත් සමඟ එහි නව මිල රුපියල් 6,740ක් දක්වා ඉහළ ගියේය.
එමෙන්ම, රුපියල් 1,988ක්ව පැවති කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ නංවා ඇති අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 2,720කි.
මේ අතර, ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින මිල ගණන්, නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම හේතුවෙන් මෙරටට ගෑස් තොග මිලදී ගැනීමේ පිරිවැය ඉහළ ගොස් ඇති බවය.
එම තත්ත්වය හේතුවෙන් ගෑස් මිල සංශෝධනය කිරීමට සිදුවූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.