ගිරිඋල්ල - මීගමුව මාර්ගයේ පහළ නාරංගමුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ගිරිඋල්ල දෙස සිට පන්නල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක් වූ යෝගියාන ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි. අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගිරිඋල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.