රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
රාජාංගනයේ සද්ධාරතන නමැත්තා සහ තවත් අයෙක් අනුරාධපුර පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ රුවන්වැලි සෑ පරිශ්‍රය ආසන්නයේ පැවති සත්‍යග්‍රහය අතරතුර ඇතිවූ ගැටුම සම්බන්ධයෙනි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සද්ධාරතන නැමැත්තා ඇතුළු අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කර තිබුණි.
අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ පැවති සත්‍යග්‍රහ භූමියේදී ඇති වූ ගැටුමට මුල් වූ බව කියන රාජාංගනයේ සද්ධාරතන ඇතුළු තවත් පුද්ගලයෙකු අනුරාධපුර පොලීසිය වෙත රැගෙන විත් තිබේ.
ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව වාර්තා වේ.
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.