බහමාස් ධජය යටතේ යාත්‍රා කරන WORLD ODYSSEY මගී නෞකාව කොළඹ වරායට පැමිණ ඇති බව වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව එම නෞකාව නොවැම්බර් 23 වැනිදා දක්වා කොළඹ වරායේ නැංගුරම්ලා තිබෙන ඇත.
එහි සිසුන් සහ ආචාර්ය මණ්ඩලය ලෙස 524 දෙනෙකු පැමිණි අතර, නෞකාවේ කාර්ය මණ්ඩලය 181 දෙනෙකු සිටිති.
සිසුන් වැඩි දෙනෙකු මහනුවර හා දකුණේ සංචාරක ප්‍රදේශවලට නික්ම ගොස් ඇති අතර, තවත් සිසුන් කණ්ඩායම් කොළඹ නගරය තුළ සංචාරයේ නිරත වේ.
මෙම නෞකාව යාත්‍රා කරන අවස්ථාවලදී ආචාර්යවරුන්ගේ දේශනා සහ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ද නැව තුළ සිදුවීම තවත් විශේෂත්වයකි.
සිසු කණ්ඩායම් ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයකට ද යාමට කටයුතු සංවිධානය කර තිබේ.
මෙම මගීන් සියලු දෙනාම සංචාරක වීසා යටතේ පැමිණීම රටට මූල්‍ය ආදායමක් ලබා දෙන අතර, සංචාරක ක්ෂේත්රයේ හෝටල්, ප්‍රවාහන සේවා ආයතන ඇතුළු සංචාරක ව්‍යාපාර රැසකට ආර්ථික ප්රතිලාභ හිමි වන බව වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.
WORLD ODYSSEY මගී නෞකාව කොළඹ වරායට
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.