අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමඟ සාකච්ඡාවක් අද (16) පැවැත් වීමට නියමිත බව විශ්වවිද්‍යාලීය අචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ, තම ගැටලු සඳහා නිසි විසඳුම් ලැබෙන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට තීරණය කර ඇති බවය.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කරන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉංගසිංහ මහතා,
“මේ වෙද්දි ආණ්ඩුව පැත්තෙන් මේ ගැටලු නිරාකරණයට සාධනීය විසඳුමක් ලබාදෙන බවක් අපිට පෙන්න නෑ. හැබැයි රැස්වීමක් දීලා තියෙනවා අගමැතිතුමිය එක්ක. අපි ඒකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පසුගිය සෙනසුරාදා පැවති සියලුම නියෝජිත සංගම්වලින් ඒකමතිකව තීරණය කරලා තියෙනවා නිසි විසඳුමක් ලැබෙන තුරු මේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කරන්න සහ ඉදිරියට ගෙනියන්න. විසඳුමක් නැති සාකච්ඡාවලින් කිසිම ඵලක් නෑ. අපි සාකච්ඡාවට විවෘතයි. නමුත් පැහැදිලි විසඳුමක් ලැබෙන තුරු මේ වෘත්තීය ක්‍රියාමාර්ග කිසිසේත්ම අත්හිටුවන්න සුදානම් නෑ කියන දේ අපි ආණ්ඩුවට කියනවා.”
මේ අතර දිවයිනපුරා පාසැල්වල 46,000ක ගුරු හිඟයක් පවතින බව ලංකා ගුරු සංගමය පවසයි.
එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ, ගුරුවරුන් බඳවා ගැනීම සඳහා පැවති තරඟ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා ආණ්ඩුව මේවන තෙක් පියවර ගෙන නොමැති බවය.
විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර අද සාකච්ඡාවක්
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.