දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ආපදා සහන සේවා කටයුතු සඳහා නාවික හමුදාව සූදානමින් තබා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව පැවසුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 171ක් සූදානමින් තබා ඇති බවය.
එමෙන්ම අද (21) ආපදා සහන කණ්ඩායම් 14ක් දකුණු සහ බටහිර නාවික විධානය මගින් ස්ථාන ගත කර ඇති බවත් නාවික හමුදාව සඳහන් කළේය.
ඒ අනුව දකුණු නාවික විධානය මඟින් තවලම ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක්, හිනිදුම ප්‍රදේශයේ කණ්ඩායමක්, මාපලගම ප්‍රදේශයේ කණ්ඩායමක් සහ නාගොඩ ප්‍රදේශයේ කණ්ඩායමක් වශයෙන් ආපදා සහන කණ්ඩායම් පහක් ස්ථානගත කර ඇත.
එමෙන්ම බටහිර නාවික විධානය මඟින් නාවලපිටිය ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් , යටියන්තොට ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක්, සීතාවක ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් සහ රත්නපුර ප්‍රදේශයේ කණ්ඩායම් තුනක් වශයෙන් ආපදා සහන කණ්ඩායම් නවයක් අවශ්‍යතාවය මත යෙදවීම සඳහා ස්ථානගත කර ඇති බවත් නාවික හමුදාව සඳහන් කළේය.
වැසි තත්ත්වය හමුවේ ආපදා සහන මෙහෙයුම් සඳහා නාවික හමුදාව සීරුවෙන්
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.