ප්‍රාථමික කර්මාන්ත හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ, ඌව පළාත් සභාවේ සංවර්ධන නිලධාරියකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ලංකා පොස්පේට් සමාගම මඟින් විධිමත් පටිපාටියෙන් බාහිරව තෝරාගත් සමාගම් 3කට පමණක් පොස්පේට් අපනයනය සඳහා පහසුකම් සැලසීමේ සිද්ධියකට අදාළව, රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් නිලධාරීන් විසින් සැකකරු ඊයේ (21) ප.ව. 4.55ට පමණ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ලංකා පොස්පේට් සමාගම හරහා නියමිත ක්‍රමවේදයෙන් තොරව අදාළ සමාගම් තුනට පමණක් පොස්පේට් අපනයනය කිරීමට කටයුතු යොදා දී, ඊට අදාළ අපනයන බලපත්‍ර ලබා ගැනීමට සහාය වීම වෙනුවෙන් අදාළ සමාගම්වලින් අලසස් මුදල ඉල්ලා ලබාගෙන ඇති බව ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවය.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සඳහා බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම් අල්ලස් දැලේ
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
📸
විශේෂ ඡායාරූප එකතුව (Photo Gallery)
ඡායාරූප 1ක්
නිරෝෂානි ජයවර්ධන
ජ්‍යෙෂ්ඨ ආර්ථික විශ්ලේෂක
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා උපාධිධාරිනියක් වන අතර මූල්‍ය සහ වෙළෙඳපොළ පුවත් පිළිබඳ විශේෂඥවරියකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.