ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂ හමුවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.
මෙරට වත්මන් ආර්ථික තත්ත්වය, වර්තමානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය දක්වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ වර්තමාන විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) විධිවිධානයෙන් ඔබ්බට රටේ ආර්ථික දැක්ම පිළිබඳව සාකච්ඡා කිරීම මෙම හමුවේ මූලික අරමුණ විය.
රටේ බාහිර තත්ත්වය, විදේශ විනිමය සංචිත, ණය තිරසාරභාවය, මූල්‍ය තත්ත්වය, ආර්ථික වර්ධනය සහ වත්මන් විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහනෙන් ඔබ්බට ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය කොන්දේසි ඇතුළුව 2027 මාර්තු මාසයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික ඔරොත්තුදීමේ හැකියාව පිළිබඳව මෙම සාකච්ඡාවේ දී දෙපාර්ශ්වයේම අවධානය යොමු විය.
තිරසාර ණය ප්‍රතිපත්ති හා රාජ්‍ය මූල්‍ය තත්ත්ව කළමනාකරණය කළ හැකි බාහිර මූල්‍ය අවශ්‍යතා සහ තිරසාර ආර්ථික වර්ධනය සඳහා වැඩි දියුණු කළ අපේක්ෂාවන් ඇතුළුව වත්මන් වැඩසටහන අවසානයේ ශ්‍රී ලංකාව ළඟා කර ගත යුතු මැනිය හැකි ආර්ථික තත්ත්වයන් පිළිබඳව මෙහි දී විශේෂ අවධානය යොමු විය.
රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය සහ ආර්ථික ගැලපීම මඟින් වැඩ කරන ජනතාව සහ අවදානමට ලක්විය හැකි පවුල් මත අසමානුපාතික බරක් පැටවිය යුතු නැති බව මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා IMF නියෝජිත පිරිස හමුවේ වැඩිදුරටත් අවධාරණය කළේය.
එසේම සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ මූල්‍ය විනය පවත්වාගෙන යන අතර පවුල සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයන් මුහුණ දෙන සැබෑ ආර්ථික තත්ත්වයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.
තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන අවසාන වශයෙන් තක්සේරු කළ යුත්තේ සමස්ත සාර්ව ආර්ථික දර්ශක හරහා පමණක් නොව, ගෘහස්ථ, පුද්ගල සහ ව්‍යාපාරික මට්ටමින් එහි බලපෑම හරහා බව මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේය.
එමෙන්ම දරිද්‍රතාවය, දැරිය හැකි මිලකට භාණ්ඩ ලබා දීම, උද්ධමනය සහ ගෘහාශ්‍රිත ආදායම් කෙරෙහි, විශේෂයෙන්ම පහළ සහ මධ්‍යම ආදායම්ලාභී පවුල් මුහුණ දෙන ආර්ථික පීඩනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන වඩාත් ජනතාවාදී ප්‍රවේශයක අවශ්‍යතාව විපක්ෂ නායකවරයා විසින් මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.
විපක්ෂ නායක සහ IMF නියෝජිතයින් අතර හමුවක්
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.