කුෂ් හා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාස මඟින් සොයාගෙන තිබේ.
පොලිසිය පැවසුවේ රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙකුගේ අනාවරණය වූ තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇති බවය.
සැකකරුගෙන් ලද තොරතුරු අනුව පුද්ගලික කුරියර් සේවාවක් මඟින් විදෙස් රටක සිට මෙරටට ගෙන්වන ලද කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 599 ක් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 409 ක් සොයාගෙන තිබේ.
විමර්ශන නිලධාරීන් රේගු භාරයේ තිබියදී මෙම මත්ද්‍රවය තොගය සොයාගෙන ඇති බව පොලීසිය පැවසීය.
රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙකු පොලීසියට දුන් ඔත්තුව
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.