පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන විත් තිබේ. 2013 වසරේ දී ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවේ සැකකරුවෙකු මෙලෙස අද අධිකරණ වෙත රැගෙන ආ බව සඳහන්ය.