Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

යාපනයේ වෙඩි තැබීමේ සිද්ධියෙන් 03ක් නිදහස්

|Thu, 07 June 2018 14.12|Security| Page Views : 35

අලුත් පුවත්
පාලිතගෙන් රිලවුන්ට සංග්‍රහයක්
කථානායකගෙන් විශේෂ ප්‍රකාශයක්
ජංගම දුරකතන භාවිත කරන්නන්ගේ ආරක්ෂාව පිණිස විශේෂ මංතීරුවක්
පළමු දිනයේ කොදෙව්වන් අසරණ කරයි
ශ්‍රී ලංකාවට රාජ්‍ය කමිටු ආසනයක් හිමිවෙයි
විරාත් කෝලිගේ නමත් ධනවත්ම ක්‍රීඩක ලයිස්තුවේ සටහන් වෙයි
ඉදිරි දින කිහිපයේ කාලගුණය වෙනස් වෙයි
නවකවදයට තිත තබන්න APP එකක්
 
යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි පොලිස් නිලධාරීන් 05 දෙනාගෙන් තුන් දෙනෙකු නිදහස් කර තිබෙනවා. ඒ, නිතිපතිවරයාගේ උපදෙස් මත යාපනය මහාධිකරණය විසින්.

2016 වසරේ ඔක්තෝම්බර් මස 20වැනිදා අළුයම යාපනයේ කොකුවිල් මාර්ගයේ පිහිටි පොලිස් මුරපොළකදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.

වෙඩි තැබීමෙන් මිය ගියේ නඩරාජා ගජන් හා විජයකුමාර් සුලක්ෂන් නැමැති සිසුන් දෙදෙනායි.

පොලිස් වෙඩි තැබීමකින් පසුව යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී සිසුන් දෙදෙනා මියගිය බව ප‍්‍රකාශ කෙරුණා. පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසුව කොකුවිල් මාර්ගයේ පිහිටි පොලිස් මුරපොලේ සේවය කළ පොලිස් නිලධාරීන් 05දෙනෙකු අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන්ගේ වැඩ තහනම් කෙරුණා.

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි යාපනය මහාධිකරණය විසින් ඊයේ (06) නිදහස් කර ඇත්තේ එම පොලිස් නිලධාරීන් 05දෙනා අතරින් තිදෙනෙකුයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න