WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රියදුරුට නින්ද යාම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට

2026 July 30- Page Views : 9

යාපනය - නුවර ප්‍රධාන මාර්ගයේ වවුනියාව,කනගරායන්කුලම ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කනගරායන්කුලම පොලීසිය පවසයි.

අද(30) අලුයම දඹුල්ල ප්‍රදේශයේ සිට යාපනය දක්වා එළවළු ප්‍රවාහනය කළ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවට පොලීසිය සැකපළ කරන අතර,අනතුරින් තුවාල ලැබූවන් මාන්කුලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පුද්ගලයින් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වීමට නියමිත අතර,සිද්ධිය සම්බන්ධයෙන් කනගරායන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.