Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කැනඩා රැකියා පෙන්වා මුදල් වංචාකල කත දැලේ

|Wed,15 May 2019|Special| Page Views : 50

අලුත් පුවත්
කුරුණෑගලට සහ හෙට්ටිපොළට විශේෂ පොලිස් කණ්ඩායම්
එකමුතුභාවය ඇතිකිරීමට සහයෝගය ලබාදීමට සූදානම්!
සබරගමුව සරසවිය ලබන 21 දා යළි ඇරඹෙයි
වයඹ පළාතේ ඇඳිරි නිතිය කඩකල 60ක් අත්අඩංගුවට
අද තැන් කිහිපයකට වැසි
ඇඳිරි නීතිය ඉවතට
කඩාකප්පල්කාරි ක්‍රියා නිරීක්ෂණයට ගුවන් හමුදා හෙලිකොප්ටර්
 
කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකල කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම කාන්තාව විසින් කැනඩා රැකියා ලබාදෙන බව පවසා අම්පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පස් දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 32ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි එම රැකියා ලබානොදුන් බවට කාර්යාංශයට සිදුකළ පැමිණිලි මත මෙම විමර්ශන ආරම්භ කෙරිණ.

කොලොන්නාව, විජය පාර, අංක 23 ලිපිනයේ පදිංචි පී.කේ. රේණුකා හර්ෂනි නම් මෙම සැකකාරිය විසින් අම්පාර ප්‍රදේශයේ රේණුකා එන්ටර්ප්‍රයිසස් නමින් ලියාපදිංචි රැකියා නියෝජිතායතනයක් ද පවත්වාගෙන ගොස් ඇති බව වැඩිදුර විමර්ශනවලදී හෙළිවිය. මේ වන විට කාර්යාංශය මගින් එම රැකියා නියෝජිතායතනයේ බලපත්‍රය අත්හිටුවීමටද කටයුතු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය විසින් ලද තොරතුරු අනුව ඇයගේ මෙම රැකියා ජාවාරමට සහය දැක්වූ ඇයගේ සැමියා වන ආර්.ඒ.ටිරාන් චතුරංග රණවිර නම් පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායමට හැකිවී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අම්පාර කම්කරු විනිශ්චය සභා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 23 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු සහකාර පොලිස් අධිකාරී අශෝක ගුණසේකර මහතාගේ උපදෙස් පරිදි, ප්‍රධාන පොලිස් පරික්ෂක අතුල පෙරේරා, පොලිස් පරික්ෂක පුෂ්පකුමාර යන නිළධාරින් විසින් මෙම පරික්ෂණ කටයුතු තවදුරටත් මෙහෙයවීම සිදුකෙරේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න